News & Events

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ කාබනික වගාවක් ලෙස සුහුරු ගෙවත්තක් ආරම්භ කිරීමත් ඊට සමගාමීව ආදර්ශ කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමත් පසුගියදා අත්තනගල්ල ප්‍රදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි.කාබනික පොහොර ජනතාව...

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් - 19 සමාලෝචන කමිටු රැස්වීම පසුගියදා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.දිවුලපිටිය කොට්ඨාසය තුළ  කොවිඩ් රෝගීන් වාර්තා වීම සහ එය කඩිනමින් පාලනය කිරීම, පි.සී.ආර්. සිදු කිරීම,    කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය හා එය තවදුරටත් ක්‍රියාත්මක කිරීම ආදී වූ කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නෙලුක් දර්ශන මල්ලව මහතා, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, ග්‍රාම නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

covid meeting1 covid meeting2