News & Events

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ කාබනික වගාවක් ලෙස සුහුරු ගෙවත්තක් ආරම්භ කිරීමත් ඊට සමගාමීව ආදර්ශ කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමත් පසුගියදා අත්තනගල්ල ප්‍රදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි.කාබනික පොහොර ජනතාව...

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ රජය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින්  පාලන මිල නියම කර ඇති සහල් සහ සීනි යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට විකුණන වෙළඳසැල් පරික්ෂා කිරීම සඳහා උපාධිධාරි අභ්‍යාසලාභීන්ගේ සහය ලබාගැනීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අද (7) පෙ.ව. 10.00 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පැවති දැනුවත් කිරීමේ රැස්වීම අමතමිනි. පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන නිලධාරින් සමඟ මෙම වැටලීම සිදු කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කර ඇති උපාධිධාරීන් අතුරින් 65 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.    

 මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් වරු වන සුගත් කිත්සිරි , ඩී. ඒ. නයනානන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. නිලන්ති කුමාරි, පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර,  එහි සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජෆූර් සහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

caa1 caa2