News & Events

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ කාබනික වගාවක් ලෙස සුහුරු ගෙවත්තක් ආරම්භ කිරීමත් ඊට සමගාමීව ආදර්ශ කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමත් පසුගියදා අත්තනගල්ල ප්‍රදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි.කාබනික පොහොර ජනතාව...

ගම්පහ මහ නගර සභාව මගින් නගර සභා බල ප්‍රදේශය තුළ වෙසෙන වයෝවෘද්ධ වැසියන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ අදහසකට අනුව නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සඳරුවන් පනාපිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර  වෛද්‍ය මිතුම් පෙරේරා මහතා ස්වේච්ඡාවෙන් මේ සඳහා සහාය ලබාදෙනු ඇත.

මෙම වැඩපිළිවෙළට අනුව දැනට 250 දෙනෙකුට පමණ එන්නත ලබා දීම සිදු කොට ඇති බවත් මේ යටතේ එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන වැඩිහිටියන් හට , ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා හෝ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරමින් " සයිනොෆාම් " එන්නත ලබා ගැනීමට හැකි බවත් නගරාධිපති එරංග සේනානායක මහතා දැනුම් දීමක් කර සිටී.

mobile vacine mobile vacine1 mobile vacine2