News & Events

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ කාබනික වගාවක් ලෙස සුහුරු ගෙවත්තක් ආරම්භ කිරීමත් ඊට සමගාමීව ආදර්ශ කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කිරීමත් පසුගියදා අත්තනගල්ල ප්‍රදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි.කාබනික පොහොර ජනතාව...

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගහමුල, කොටදෙණියාව, මඩම්පැල්ල, කලුඅග්ගල සහ වල්පිට යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල කොවිඩ් කමිටු රැස්වීම පසුගියදා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ වන විට මෙම කොට්ඨාස තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම හා එය පාලනය කිරීම, නිරෝධායනය වන පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බඩු මලු  ලබා දීම සහ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් මුණසිංහ මහතා, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී. කුමාරි මහත්මිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

cov meet covid meeting2