News & Events

Gampaha district NGO's progress meeting was held on 19th march from 9.30 am to 2.00 pm at district secretariat auditorium. 

News & Events

පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්රාමයේ, ජාතික උත්සවය ගම්පහදී කෘෂි ඇමතිගේ ප්රධානත්වයෙන් ඇරඹේ.
පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්රාමයේ, ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් ගම්පහ, දොම්පේ ගල්වලගොඩයායේදී උත්සවත්ශ්රියෙන් යුතුව අද ඇරඹිය.
කෘෂිකර්ම අමාත්යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කර තිබූ උත්සවය සදහා දේශිය කෘෂි සම්ප්රධායන් සිහි ගන්වන විවිධාංග රැසක් සහිතව සාර්ථක ලෙස උත්සවය පැවැතිවිණි.
 
ජාතික උත්සවයට සමගාමිව දොම්පේ ගොවිජන සේවා බල ප්රදේශයේ පහුරු ඔය ප්රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකෙරෙන අතර , ප්රතිලාභි ගොවි පවුල් සංඛාව 188කි. මෙම සියලු කුඹුරු වසර 40ක් පමන පුරන්ව පැවති ඒවා විම විශේෂත්වයකි.මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්ර සූත්ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්ර කර පිළිසකර කර ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදීමට නියමිතයි.
 
මේම ජාතික උත්සවය සදහා අමාත්යවරුන්, දේශපාල නායකයින. පූජ්ය පක්ෂයේ නායකයින්, සමග ගම්පහ දිස්ත්රික් ලේකම් සුනිල් ජයලත් මහතා , ගම්පහ ප්රාදේශිය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය ඇතුලු රාජ්ය නිලධාරින් සහ ප්රදේශවාසින් රැසක් සහභාගිවුහ.
 pk 1 pk 2 pk 3 pk 4
pk 5 pk 6