News & Events

Gampaha district NGO's progress meeting was held on 19th march from 9.30 am to 2.00 pm at district secretariat auditorium. 

News & Events

රාජ්‍ය සේවයේ නිත්‍ය නිලධාරීන් බවට ඔබ පත් වන නිසා රජයේ සියලු වරප්‍රසාද ඔබට හිමිවන බැවින් ඔබ සියලුදෙනා රටේ සංවර්ධනයට, ආර්ථිකයට ඵලදායී  ලෙස දායක විය යුතු බවත් රාජ්‍ය සේවය කියන්නේ විනයානුකූලව ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි විධිවිධාන රාජ්‍ය තන්ත්‍රය තුළ ඇති චක්‍රලේඛ විධිමත් කිරීම බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ, අද (01) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති වසරක කාලයක් උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුව අවසන් කළ උපාධිධාරීන්ට අනුයුක්ත ලිපි ලබා දුන් අවස්ථාවට එක්වෙමිනි.ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 සඳහා අභ්‍යාසලාභීන් 291 දෙනෙකුට සංවර්ධන නිලධාරීන් ලෙස අනුයුක්ත ලිපි ලබා දුන්හ.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා "බදු ගෙවන ජනතාවගේ මුදලින් ඔබට පඩි ගෙවන්නේ. එම නිසා ඵලදායී රාජ්‍ය සේවයක් සිදු කළ යුතුයි. යම් දවසක ඵලදායී රාජ්‍ය සේවයේ වගකීම් ඉටුවන්නේ නැති බවට මහජනතාව කිව්වොත් මොකද කරන්නේ? යැයි ද" සඳහන් කළේය.අල්ලසට,  දුෂණයට යට නොවී සේවය කිරීම හෝ වැරදි තොරතුරු අනුව කටයුතු කරනවා නම් සමස්තයම විනාශ වෙනවා. හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි. වසම්වලට යන නිලධාරීන්ට එහි උදව් කළ යුතු පිරිසක් සිටිනවා. 70%කට වැඩි පිරිසක් තවමත් ග්‍රාමීයව ජීවත් වෙනවා එම නිසා  තරුණ ජවය රටේ සංවර්ධන කාර්යයට යොදා ගත යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අවස්ථාවට එක්වූ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා, සේවය අවශ්‍ය කරන මහජනතාවට අවශ්‍ය සේවය වගකීමෙන් යුතුව ලබා දෙන්න. එන අභියෝගත් සමග අත්දැකීම් ලැබෙනවා. රාජ්‍ය සේවයේ කොටස්කරුවන් ඔබයි. මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන ලෙසත් එය තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් අවධාරණය කළේය.

මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු එක්ව සිටියහ.

do a1 do a2