News & Events

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බී.ඒ.මල්ලිකා පෙරේරා මහත්මියට  සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රදානය ඊයේ (06)  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සහ බස්නාහිර පළාත් සමාජ ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත්...

කෙන්යාවේ , නයිරෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ( කනිෂ්ඨ) තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ.ශනිකා ලක්ෂානි සිසුවියගේ අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් සී.අයි.සී සමාගම මගින් මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරිණි.

එම මූල්‍ය ප්‍රදානය  සී.අයි.සී සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී සඳුන් අමරසිංහ මහතා විසින් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  සිදු කරන ලද අතර මේ අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි , පුහුණුකරු ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී මධුර පෙරේරා සහ මෙහි සම්බන්ධීකාරක ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නවරත්න බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙරට නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින මෙම ක්‍රීඩිකාව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මෙරටට ජයග්‍රහණයක් අත්කර දීමට සූදානමින් සිටින බැවින් ඇය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් ලබාදීමට කැමැත්තක් දක්වන අය හෝ සංවිධාන ඇතොත් 071-2882052 දුරකතන අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

cic fund