News & Events

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බී.ඒ.මල්ලිකා පෙරේරා මහත්මියට  සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රදානය ඊයේ (06)  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සහ බස්නාහිර පළාත් සමාජ ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත්...

පාසල් හැර ගිය තරුණ තරුණියන් ඉලක්ක කර ගත් වෘත්තිය අභියෝග ජයගැනීමේ වැඩසටහනක් පසුගියදා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මගින් තරුණ ප්‍රජාවට රැකියා ලෝකය සම්බන්ධයෙන් මෙන්ම සම්මුඛ පරීක්ෂණයකට මුුහුණ දෙන ආකාරය, අයඳුම්පත් සම්පූර්ණ කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කරනු ඇත.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරිනියන් වන රූපිකා කන්නන්ගර, ලලනි කුඩාහෙට්ටි හා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරීනී ශ්‍රීමාලා වික්‍රමසිංහ යන මහත්මීන් විසිනි.

voc tr2 vo tr1