News & Events

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බී.ඒ.මල්ලිකා පෙරේරා මහත්මියට  සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රදානය ඊයේ (06)  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සහ බස්නාහිර පළාත් සමාජ ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත්...

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රජයේ ඉඩම් හඳුනා ගැනීම හා කළමනාකරණය කිරීම සඳහා වූ ක්‍රියාපටිපාටිය, තරුණ ව්‍යවසායකත්ව ඉඩම් යටතේ බෙදාදීමට යෝජිත ඉඩම් හඳුනාගැනීම හා නිර්දේශ කිරීම‍, ඉඩම් කමිටු නිර්දේශ සඳහා ඉදිරිපත් වී ඇති ඉඩම් සඳහා නිර්දේහ ලබාදීමත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සිට තීන්දු තීරණ ගත යුතු බවත් පෞද්ගලික මත අනුව රජයේ තීන්දු තීරණ ගැනීමෙන් වලකින ලෙසත් අවධාරණය කළේය.

රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව තීන්දු තීරණ ගන්නේ නම් ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු වෙත කරුණු වාර්තා කරන්න කටයුතු කළ යුතුයි. ක්‍රියාත්මක කළ යුතු ගැසට් එකට අනුව කටයුතු කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම් යටතේ ඇති ඉඩම්වල අනවසරයෙන් අලුතින් පදිංචියට ඉඩ නොදෙන ලෙසත් එසේ පදිංචි වන්නේ නම් අදාළ ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී හරහා එම පිරිස ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස් . කිත්සිරි මහතා ඇතුළු, ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ‍

idam2 idam