News & Events

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බී.ඒ.මල්ලිකා පෙරේරා මහත්මියට  සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ප්‍රදානය ඊයේ (06)  ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සහ බස්නාහිර පළාත් සමාජ ආරක්ෂණ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත්...

මෙවර පැතිරී යමින් පවතින කොවිඩ්  19 වෛරස ප්‍රභේදය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැනට පවතින කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 06හි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ගම්පහ , වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමා ඇති ඇගලුම් කම්හලක් ඇදන් 2000 ක් 3000 ක් පමණ යෙදිය හැකි අන්දමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සැකසීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවෙහි  අනුමැතිය හිමි විය.

මෙම කමිටුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී රැස්වූහ.

කොවිඩ්  19 වෛරස ප්‍රභේදයට ලක්වන තරුණ රෝගීන්ට ද මෙවර ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති බවත් මෙම දැඩි අවදානම සැලකිල්ලට ගනිමින් රෝහල්වල පහසුකම් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් මේ අවස්ථාවට එක් වූ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ විශේෂඥ වෛද්‍ය චින්තා ජයසිංහ මහත්මිය විසින් මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සහ ගතයුතු ක්‍රියාමාර්ග කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලෙහිම පහසුකම් වැඩි දියුණු කිරීමට මෙන්ම දැනට වසාදමා ඇති දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීම සුදුසු බව පෙන්වා දුන් අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා ඊට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික දානපතියන්ගේ ආධාර ලබාගත හැකි බවද සඳහන් කළේය.

ඉදිරි සති දෙක තුනක කාලය ඉතා අවදානම් සහිත බැවින් අවශ්‍යම කරුණකට හැර ජනතාව නිවෙස්වලින් බැහැර නොයාම සුදුසු වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පෙන්වා දෙනු ලැබූ අතර ග්‍රාමීය කමිටු බල ගන්වමින් රෝග තත්ත්වය පැතිරීම වලක්වාලීමට පියවර ගතයුතු බවද කීය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්.එස්. කිත්සිරි සහ ඩී.ඒ.නයනානන්ද යන මහත්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් , සෞඛ්‍ය බලධාරීන්, උසස් පොලිස් හා යුද හමුදා  නිලධාරීන්,  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

covid1 covid2 covid3 covid4 covid5